මාර්ග සංවර්ධන අධිකාරිය කිසිසේත්ම පෞද්ගලීකරණය කරන්නේ නැති බවත්, එහි සේවකයන් අඩු කරන්නේ නැති බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. ඊයේ (18) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා අධිවේගි මාර්ග කැබිනට් අනුමැතියකින් ගැසට් එකක් මඟින් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සහස්යා යන සමාගමට පවරා දී ඇති අතර, ශේෂ පත්‍රයට වත්කම් වැඩි කරගැනීමේ අරමුණින් මෙය සිදු කර ඇති බවත්, එය කිසි සේත්ම පෞද්ගලික අංශයට පවරා දීමක් නොවන බවද ප්‍රකාශ කළේය. ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘ආර්ථික ආසානාසිය‘ කෘතිය වෘත්තීය සමිති නායකයන් වෙත පිරිනැමීමද මෙහිදී සිදු විය.
මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහත්වරු සහ ඒකාබද්ධ වෘතීය සමිති නියෝජිතයෝ එක් වූහ.
සුභාෂිණී සේනානායක