Home » කරාපිටියෙන් ගේන දරුවන්ට ළමා රෝහලෙන් හදවත් පරීක්ෂණ

කරාපිටියෙන් ගේන දරුවන්ට ළමා රෝහලෙන් හදවත් පරීක්ෂණ

by gayan
August 19, 2023 1:00 am 0 comment

කරාපිටිය ශික්ෂණ රෝහලෙන්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර එවන දරුවන්ගේ හෘදය පරීක්ෂණ කටයුතු ගැටලුවකින් තොරව සිදු කර දීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාව පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා දිනමිණට ඊයේ (18) පැවසීය. කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිර පාරවිලයන සහ ළමා හෘදය කැතීටර්කරණ ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩුව හේතුවෙන් එම රෝහලේදී දරුවන්ට අවශ්‍ය ඇතැම් පරීක්ෂණ සිදු කළ නොහැකි බවත් කරාපිටියෙන් සිදු කළ නොහැකි පරීක්ෂණයන් සිදු කිරීම සඳහා දරුවන් රිජ්වේ රෝහලට යොමු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කරාපිටිය ළමා හෘදය කැතීටර්කරණ ඒකකයේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු විදෙස්ගතව ඇති අතර අනෙක් වෛද්‍යවරයා පුහුණුවක් සඳහා යොමු වී ඇත. පුහුණුව ලත් වෛද්‍යවරුන් විසින් දැනට ඒකකයේ ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යන බවත්, හදිසි අවස්ථාවලදී අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කරාපිටියේ සිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවන් යොමු කරන බවත් වෛද්‍ය විජේසූරිය මහතා කීය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT