Tuesday, May 13, 2025
Home » විදුලිබලය ප්‍රතිව්‍යූහගත කරන්න ජයිකා වෙතින් මූල්‍ය ප්‍රදානයක්

විදුලිබලය ප්‍රතිව්‍යූහගත කරන්න ජයිකා වෙතින් මූල්‍ය ප්‍රදානයක්

by gayan
August 19, 2023 1:00 am 0 comment

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තුළ ස්ථාපිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යෑමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය සංවර්ධන සහ සහයෝගිතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා ප්‍රමුඛ නිලධාරීන් සමඟ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සාකච්ඡාවක් ඊයේ (18) අමාත්‍යංශයේදී පැවැත්විණි.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු, පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්, හරිත ප්‍රතිසාධනය සහ කාලගුණික වෙනස්වීම් යන කරුණු මෙහිදී සාකච්ඡාවට ගනු ලැබීය. මෙරට විදුලිබල ක්ෂෙත්‍රයේ ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අමාත්‍යංශය තුළ ස්ථාපිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යෑමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මූල්‍ය ප්‍රධානයක් සිදු කර ඇති අතර, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදේශනයන්ද සැලසීම සිදු කරයි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මෙරටට පිරිනමන මූල්‍ය ප්‍රධානයන් සහ අනෙකුත් සහාය පළ කිරීම් සම්බන්ධයෙන් ඔවුන්ට ඇමැතිවරයා ස්තුතිය පළ කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT