2050 වන විට මෙරට නිෂ්පාදන 100% ක්ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරීම රජයේ අරමුණ බවත් ඉදිරි වසර 2 සඳහා ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්ත අංශයේ බලශක්ති කළමනාකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ජර්මනියේ සහාය ලබාදී ඇති බවත් වැවිලි හා කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පසුගියදා (15) පැවති උත්සවයේදී නිල වශයෙන් ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය ක්‍රයාත්මක කළ අතර, එහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ මහතා මෙසේ ද කීය.
පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලාංකික ප්‍රජාවම සමාජයීය හා සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වෙලා. ඒ නිසා පරිසර දූෂණය අවම කිරීමටත්, සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඇමැතිවරයා පැවසීය.
කර්මාන්ත අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය සඳහා ජර්මනියේ IKI ආයතනය විසින් යුරෝ 113 905ක මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී ඇත.
මේ ව්‍යාපෘතිය මඟින් තෝරාගත් ආහාර නිෂ්පාදන කර්මාන්ත 25ක බලශක්ති කළමනාකරණ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහාත් කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩ්,හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් වැනි හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහාත් කටයුතු කරනු ලැබේ. මෙහිදී නියමිත ක්‍රමවේදය සපුරාලන ආහාර නිෂ්පාදන කර්මාන්ත සඳහා ISO 50001 සහතිකය ලබාදෙන අතර, වසර 2 අවසන් වන විට එම කර්මාන්තවල බලශක්ති භාවිතයේ කාර්යක්ෂමතාව 20% කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.
මෙහිදී පසුගිය වසරේදී ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් ලබාදෙන පරිසර සහතික ලබාගත් ආයතන වෙත එම සහතික ලබාදීම සිදු කළ අතර IKI ආයතනයේ ප්‍රධානී Frank Krame මහතා විසින් ජර්මනියේ සිට සූම් තාක්ෂණය ඔස්සේ උත්සව සභාව ඇමතීය. කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික පිවිතුරු මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, UNIDO ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ නවාස් රාජාබ්දීන් මහත්වරුන්ද රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් ඇතුඵ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
උදුලා පීරිස්