ගොවිබිම් සරුසාර කර පරිසරය සුවපත් කරනු පිණිස ආශිර්වාද පතා සිදු කරන ලද වැසි පිරිත සහිත සෙත් පිරිත් දේශනය ඉකුත් 16 වැනිදා ඓතිහාසික සපරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.
උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඬුල්ල රාජමහා විහාරය හා රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම පැවැත්විණි.
සතර දිසා නියෝජනය වන පරිදි පැල්මඬුල්ල, කුරුවිට, ඇලපාත හා අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පැන් කළ වඩම්මා ඉන්පසු අබතෙල් පහන් පූජාව සිදු කර වැසි පිරිත සහිත සෙත් පිරිත් දේශනය ආරම්භ කෙරිණි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සබරගමුව පළාත් සභාව, සබරගමුව මහ සමන් දේවාලය, ශ්‍රී ලංකා පොලිසිය හා සියලු රාජ්‍ය ආයතන එක්ව මෙහි කටයුතු සංවිධානය කරන ලදී.
රක්වාන – ඉන්දික සී. කුමාර