Wednesday, May 14, 2025
Home » ත්‍රිවීලරයක් යතුරුපැදි 4ක් කොල්ලකෑ තිදෙනා මාට්ටු

ත්‍රිවීලරයක් යතුරුපැදි 4ක් කොල්ලකෑ තිදෙනා මාට්ටු

by gayan
August 19, 2023 1:00 am 0 comment

සීදූව, රාගම සහ එඬේරමුල්ල යන පොලිස් වසම්වල සිදු කළ රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි හතරක් කොල්ලකෑමේ සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසි‍ෙය් අපරාධ අංශය සමත් වී ඇත.

ත්‍රිරෝද රථ ගලවා කෑලි කරන බවට සැකපිට එක් සැකකරුවෙකු ඉකුත් 16 වැනිදා හැඳල, දික්ඕවිට, අවරකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර, ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු අනුව පසුදින 17 වැනිදා බ්‍රහස්පතින්දා සැකකරුවන් දෙදෙනෙක් ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් යතුරුපැදියක ගමන් කර සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම සැකකරුවන් සතුව අයිස් මිලිග්‍රෑම් 2870ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 3340ක මත්ද්‍රව්‍ය තොගයක් ද සන්තකයේ තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර, අදාළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

වත්තල විශේෂ – ජෝශප් පයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT