Tuesday, May 13, 2025
Home » යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි ශූරයෝ සංඥා බළකායෙන්

යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි ශූරයෝ සංඥා බළකායෙන්

by gayan
August 19, 2023 1:00 am 0 comment

පොදු සේවා බළකායට කාන්තා ශූරතාව

යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා සංඥා බළකා කණ්ඩායම සමත් වූ අතර, යුද හමුදා පොදු සේවා බළකා ක්‍රීඩිකාවෝ කාන්තා ශූරතාව දිනා ගත්හ.

පිරිමි කණ්ඩායම් 16ක් සහ කාන්තා කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පනාගොඩ යුද හමුදා රග්බි ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකා කණ්ඩායම ලකුණු 19-17ක් ලෙස පරාජය කිරීමට සංඥා බළකා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාන්තා අවසන් තරගයේ පොදු සේවා බළකා කණ්ඩායම හමුවේ යුද හමුදා කාන්තා බළකා කණ්ඩායම ලකුණු 17-5ක් ලෙස පරාජයට පත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සංඥා බළකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.සී.එල්. ජයවික්‍රම සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ කාන්තා සෙබළ කේ.ඒ.එන් කහඳව සම්මාන ලැබූහ.

මේ තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, මීට සමගාමීව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ක්‍රීඩා ශූරතාවලියන්හිදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා මූල්‍යමය ත්‍යාග ප්‍රදානය කිරීමද යුද හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්.ඒ.එස්.එස් වනසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්.ඩබ්.ඩබ්.එම්.සී.බී. වික්‍රමසිංහ සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT