Tuesday, May 13, 2025
Home » බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ පාඨමාලාවේදී 97කට සහතිකපත් පිරිනැමේ

බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ පාඨමාලාවේදී 97කට සහතිකපත් පිරිනැමේ

by gayan
August 19, 2023 1:00 am 0 comment

බැඩ්මින්ටන් පුහුණු කිරීමේ නිරතව සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ධාරිතාව ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුවේ වැඩපිළිවෙළ යටතේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ පළමු මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා පුහුණු පාඨමාලාවේදී පුහුණුකරුවන් 97 දෙනකුට අවසර පත්‍ර සහ සහතික පිරිනැමීම සිදු කෙරිණි.

පුහුණු න්‍යාය, ක්‍රීඩා පෝෂණය, ශක්ති පුහුණුව, ශාරීරික පුහුණුව, ක්‍රීඩා ජෛව යාන්ත්‍ර විද්‍යාව වැනි දේශන ඇතුළත් මේ වැඩසටහන අවසානයේ ලිඛිත ප්‍රායෝගික ඇගැයීමක් සාර්ථකව නිම කිරීමෙන් පසුව ජාතික ක්‍රීඩා විද්‍යායතනය විසින් නිකුත් කරන ලද සහතිකයක් සහ බලපත්‍රයක් එම පුහුණුකරුවන්ට ලැබිණි.

“ඔබ ලැබූ පුහුණුවෙන් ඉදිරියේදී අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි දැනුමක් සහිතව ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබේවි. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ජාතික ක්‍රීඩා විද්‍යායතනය මඟින් නිකුත් කරන මේ සහතිකය ඉතා වටිනවා. එබැවින් ඔබේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් ඔබ සැම අද දිනයේ ලැබූ බවට මම විශ්වාස කරනවා.” මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT