Tuesday, May 6, 2025
Home » උද්ධමනය සියයට 50කින් පහළට

උද්ධමනය සියයට 50කින් පහළට

- ජුනි සියයට 10.8 සිට ජූලි 4.6ට අඩු වෙලා

by sachintha
August 22, 2023 6:38 am 0 comment

මේ වසරේ ජුනි මාසයේදී සියයට 10.8 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජූලි මාසයේදී සියයට 4.6 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටි ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21) ප්‍රකාශයට පත් කළේය.
මේ අන්දමට කැපී පෙනෙන ලෙස මෙරට උද්ධමනය පහත වැටීමට ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ සහ කාණ්ඩ දෙකෙහිම උද්ධමනය පහත යාම හේතු වි ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පි. අනුර කුමාර මහතා පැවසීය. මේ වසරේ ජුනි මාසයට වඩා ජූලි මාසයේ මෙරට උද්ධමනය පහත වැටී ඇැතයි විශ්ලේෂණාත්මකව කරුණු දක්වන අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආහාර කණ්ඩයේ ජුනි මස ලක්ෂ්‍යමය උද්දමනය සියයට 2.5 ක් වූ බව කීවෙය. එය ජුලි මාසයේදී සෘණ සියයට 2.5 ක් ලෙස පහත වැටී ඇත.
ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT