Home » සිංගප්පූරුවෙන් ලැබුණු ආධාර බෙදා දෙයි

සිංගප්පූරුවෙන් ලැබුණු ආධාර බෙදා දෙයි

by yasara
August 22, 2023 9:58 am 0 comment

health sl

සිංගප්පූරුවේ Willing Hearts සංවිධානයේ මූලික මැදිහත්වීමෙන් රුපියල් මිලියනයකට ආසන්න ආධාර තොගයක් ඊයේ  (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලැබීය. ආබාධිත හා වැඩිහිටි පුද්ගලයින් සඳහා රෝද පුටු, ගර්භණී කාන්තාවන් සඳහා අවශ්‍ය උපකරණ සහ වියළි ආහාර, කුඩා දරුවන් සඳහා අවශ්‍ය උපකරණ ඒ අතර විය.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය හා සිංගප්පූරුවේ සිංහල බෞද්ධ සංවිධානය වෙත සිංගප්පූරුවේ ජනතාව මෙම ආධාර ලබා දී ඇත. Willing Hearts සංවිධානයේ නිර්මාතෘ Tony Tay ( ටෝනි තේ) මහතා හා සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ආගමික අනුශාසක කරදෙතියන ගුණරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් සහ සිංහල බෞද්ධ සංවිධානයේ ප්‍රධානී ලිමි ලියොං කියෙව් මහත්මියගේ මැදිහත්වීමෙන් මෙම ආධාර තොගය මෙරටට ලබා දී ඇත.

සංකේතාත්මකව ගර්භණී මවුවරුන් සහ කුඩා ළමුන් වෙත මෙම භාණ්ඩ සහ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ,

කොවිඩ් වසංගත කාල සමයෙහිිද සිංගප්පූරුව මහත් දායකත්වයක් මෙරටට දැක්වූ බවත්, රට ආර්ථික අර්බුදයක සිටින  මොහොතක මෙවැනි පරිත්‍යාගයන් ඉතාමත් කාලෝචිත බවත්, ඒ වෙනුවෙන් සිංගප්පූරු වැසියන්ට සහ මෙම සියලුම සංවිධාන වල නියෝජිතයින්ට මෙන්ම මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ කරදෙතියන ගුණරතන හිමියන්ට ස්තූතිය පිරිනමන බවත්ය.

එමෙන්ම මෙම කාර්ය සම්බන්ධීකරණය  කළ සෞඛ්‍ය අමාත්‍යතුමාටත්, ශ්‍රී ලංකා ගුවන් සේවයටත්, ආධාර ලබාදුන් සිංගප්පූරු වැසියන්ට සහ මෙම සංවිධානයන්හි නියෝජිතයන්ටත් ස්තුතිවන්ත වන බව මෙහිදී අදහස් දක්වමින් කරදෙතියන ගුණරතන හිමියන් පැවසූහ.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරී පිරිසක්  සහභාගි වූහ.

pregnant mother

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT