මහනුවර තරු හෝටලයක නවාතැන් ගෙන එහි කාමරයක සිට මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කරන අවස්ථාවේ දළදා මාලිගා පරිශ්‍රයට ඩ්‍රෝන කැමරාවක් යැවූ බව කියන චීන ජාතිකයෙකු මහනුවර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඊයේ (21)රාත්‍රී 9.30 ට පමණ ඩ්‍රෝන කැමරාව යොමුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
හතළිස් තුන් හැවිරිදි මෙම චීන ජාතිකයා පසුගිය 20 වන දින චීනයේ සිට මෙරටට පැමිණ තිබෙන බවත් ඊට පසුදින මහනුවරට පැමිණ හෝටලයේ ලැගුම් ගෙන තිබෙන බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරෙයි.