Home » පරිභෝජනයට නොසුදුසු සහල් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

පරිභෝජනයට නොසුදුසු සහල් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

by yasara
August 22, 2023 11:37 am 0 comment

arrest

පරිභෝජනයට නුසුදුසු කෘමින් සහිත සහල් තොගයක් සමඟ සැකකරුවෙකු වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි

වැලිපැන්න පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙයි

වැටලීමේ දී කෘමින් සහිත සහල් කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් සමග ඒවා ප්‍රවාහනය කළ ලොරි රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත

මෙම ලොරි රථයෙන් කෘමින් සහිත සහල් වලගෙදර ප්‍රදේශයේ ගබඩාවකට නිරන්තරව ගෙනැවිත් දමන බවට තොරතුරක් ලැබී තිබෙයි.

මෙම සහල් යළි සකස් කර ප්‍රදේශයේ ආපන ශාලාවලට අඩු මුදලට අලෙවි කරන බවට මේ වන විට තොරතුරු ලැබී ඇති අතර අදාළ සහල් තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද පරීක්ෂා කර තිබෙයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වන 42 හැවිරිදි දර්ගා නගරයේ පදිංචි පුද්ගලයෙක් වැලිපැන්න පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම සහල් සහිත ලොරිය මුද්‍රා තබා ඇති අතර අද (22) දින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT