ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරිමේ වැඩ පිළිවෙළ යටතේ අමෙරිකානු කොන්ග්‍රසයේ දූත පිරිසක් පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ බවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා පැවැත් වූ බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. දෙරට අතර උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මේ සාකච්ඡාවේ අරමුණ වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
අමෙරිකානු කොන්ග්‍රසයේ ඉන්දීය සංචාරය සිදු වූයේ පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස බව ද වාර්තා වේ. ඉන්දීය අගමැතිවරයා අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සහ එම ආර්යාවගේ ආරාධනාවකට අනුව කළ එම සංචාරයේදී අමෙරිකානු කොන්ග්‍රසයේ නියෝජිත පිරිසකට ඉන්දියාවේ සංචාරය කිරිමට ඇරියුම් කර තිබුණු බව ද වාර්තා වේ.