Thursday, May 15, 2025
Home » 13 හැවිරිදි දියණියට පහර දී වධ දුන් නරුම පියා අත්අඩංගුවට

13 හැවිරිදි දියණියට පහර දී වධ දුන් නරුම පියා අත්අඩංගුවට

by mahesh
August 23, 2023 1:00 am 0 comment

කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

තම 13 හැවිරිදි දියණියට පහර දී වධ දුන් බව කියන පියෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මැය මතුගම ප්‍රදේශයේ පාසලක 09 වසරේ ඉගෙනුම ලබන සිසුවියක වන අතර ඇය අනාරක්ෂිත බව දන්වමින් ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරිය කළ දැනුම් දීම මත මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට ඇත.

තමා පියා සමඟ නිවසේ ජීවත් වන බවත්, මව මීට වසර 1 1/2 කට පෙර විදේශ රැකියාවකට ගිය බවත්, ඊට මාස 2-3කට පසුව සිට පියා අනියම් සබඳතා පවත්වන්නට පටන් ගත් බවත්, බොහෝ දිනවලට පියා රාත්‍රියේ නිවසේ නොසිටින බවත්, ඔහු තමාට නිතර පහර දෙන අතර, ශබ්දය පිටට නොඇසෙන්නට අධික ශබ්දයෙන් කැසට් එක දමන බවත්, මේ පිළිබඳව කිසිවෙකුට නොකියන ලෙසට තර්ජනය කරන බවත් ඇය පොලිසියට ප්‍රකාශ කොට ඇත.

මේ පිළිබඳව ආච්චි දැන සිටියද කිසිත් නොකී බැවින් තමා පන්තියේ යහළුවන්ට සහ පන්ති භාර ගුරුතුමියට දැනුම් දුන් බවත්, ඉකුත් 14 වැනිදා තමා පාසල් යෑමට සූදානම් වෙමින් සිටියදී පාසල් නොයන ලෙස පවසමින් පියා තමාට එස්ලෝන් බටයකින් පහර දුන් බව පැවසූ ඇය තවදුරටත් පියා සමඟ නිවසේ සිටීමට අකමැති බවදත් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

දැරිය විශේෂ පරීක්ෂණයක් සඳහා කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෙද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති අතර මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT