වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා වතුකරය ඇතුළු සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු පසුගිය ඉරිදා (20) ජනතාව ප්‍රකෝප කරන ආකාරයෙන් වගකීම් විරහිතව සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ අවධානය යොමුව ඇත.
ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අප ආරක්ෂා නොකරන්නේ නම් එය තම අයිතියක් බවත් එම මහජන නියෝජිතයා එදින කළ ප්‍රකාශ කර තිබූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පුළුල් ප්‍රචාරයක් දී තිබිණි. ඇතැම් දේශපාලකයන් ජන කොටස් වල ඡන්ද ගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක්ව යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා අවධාරණය කරයි.