Home » එළු නාම්බා මරා සාද දමද්දී විශ්‍රාමික සෙබළා අත්අඩංගුවට

එළු නාම්බා මරා සාද දමද්දී විශ්‍රාමික සෙබළා අත්අඩංගුවට

by mahesh
August 23, 2023 1:00 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

අසල්වැසි නිවෙසක එළු පට්ටියක ඇති දැඩි කළ කිලෝ විස්සක පමණ බරකින් යුතු එළු නාම්බකු හොරකම් කර මරා මස් කළ බව කියන විශ්‍රාමික හමුදා සෙබ‍ෙළක් අත්අඩංගුවට ගනු ලැබුවේය.

සැකකරු එම මස් කොටසකින් බයිට් සාදා යහළුවන් සමඟ සාදයක් පැවත්වන බවට ලැබුණු ඔත්තුවක් අනුව රක්වාන නාවින්න පිලාගොල්ල ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි මෙම සෙබළා (21) දින අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය පැවසීය.

සැකකරු විසින් මරා දමන ලද එළුවාගේ මස්වලින් කොටසක් මිතුරන් හට බෙදා දී ඉතිරි මස් ප්‍රමාණය නි‍ෙවසේ ශීතකරණයේ සඟවා තිබියදී සැකකරුගේ බිරියගේ ප්‍රකාශයක් මත අමු මස් කිලෝ පහක් පොලිස් භාරයට ගෙන ඇත.

එළුවාගේ හිමිකරුවන් නි‍ෙවසේ නොසිටි අවස්ථාවක සැකකරු එම නි‍ෙවසට ගොස් ගාලේ ගැටගසා සිටි එළුවා සොරකමි කරගෙන විත් සැකකරුගේ නි‍ෙවසේදී මරා මස්කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකරු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ සේවය කළ විශ්‍රාමියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ අමු මස් තොගය (22) දින පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය. රක්වාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. පී.වී. වික්‍රමපාල පො. සැ. විජේරත්න, පො. සැ. නන්දන යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT