382
හයිලෙවල් මාර්ගයේ වටරැක ප්‍රදේශයේ බස් නැවතුමක් මතට මීට මාස 3 කට පමණ ඉහතදී කඩා වැටුණු ගසක්,මේ වන විට එම මගි ආවරණ මතම දළුලමින් පැවතින බව ප්‍රදේශවාසීහු පවසති.
පසුගිය මැයි 11 දින ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමගම මෙම ගස බස් නැවතුමේ නවතා තිබූ බස් රථයක් මතට කඩා වැටුණි.ඉන් කිසිදු ජීවිත හානියක් සිදු නොවුනද, මගී ආවරණය සම්පූර්ණ විනාශයට පත්විය.
මහජන මුදල් වැයකර ඉදි කළ මෙම මගී ආවරණයේ ඉතිරි ටික හෝ රැක ගැනීම සඳහා,කඩා වැටුණු ගස එම ස්ථානයෙන් ඉවත් කිරීමට වගකිව යුතු අංශවල අවධානය යොමු විය යුතු බව ඔවුහු පවසති.