Home » බාලවයස්කාරියට නොහොබිනා වැඩ කළ සිද්ධියේ සැකකරුවන්ට ඇප නෑ

බාලවයස්කාරියට නොහොබිනා වැඩ කළ සිද්ධියේ සැකකරුවන්ට ඇප නෑ

by mahesh
August 23, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

දිවුලපිටිය පොලිස් වසමේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර දියණියව ලිංගික කටයුතු සඳහා පුද්ගලයින්ට මුදලට විකුණූ එම දැරියගේ අම්මාට සහ දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය සැකකාරියව සහ සැකකරුවන් දෙදෙනාව තවදුරටත් එළඹෙන 05 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ඊයේ (22) පස්වරුවේ නියම කළාය. අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි හර්ෂනි ජයකොඩි නමැති 43 හැවිරිදි සැකකාරිය (දැරියගේ මව) සහ දිවුලපිටිය, උල්ලළපොළ පදිංචි 52 හැවිරිදි සැකකරුවත් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචි 42 හැවිරිදි සැකකරුවත් මෙසේ තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT