ජපානයේ ජලජ ආහාර නිෂ්පාදිත ආනයනය තහනම් කිරීමට පියවර ගන්නා බව, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය දැනුම් දෙයි. ඒ, 22 වැනි දා මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය බැහැර කිරීම පිළිබඳ ටෝකියෝ නිවේදනයෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
ටෝකියෝ, ෆුකුෂිමා සහ චිබා ඇතුළු ජපානයේ ප්‍රදේශ 10 කින් ආනයනය කෙරෙන නැවුම්, ශීත කළ, වියළන ලද හෝ සැකසූ මුහුදු ආහාර, මුහුදු ලුණු සහ මුහුදු පැළෑටි ආදී ජලජ නිෂ්පාදන ආනයනය මින් තහනම් කර තිබේ.
මීට අමතරව, න්‍යෂ්ටික අපජලය සාගරයට බැහැර කිරීම පිළිබඳ ටෝකියෝ නිවේදනයෙන් පසු ජපානයේ නැවුම් ජලජ ආහාර නිෂ්පාදිත ආනයනය තහනම් කරන බව චීනයේ මැකාඕ විශේෂ පරිපාලන කලාපය ද 22 වැනි දා නිවේදනය කළේය. ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යයට එරෙහිව ඇති අවදානම හේතුවෙන් මෙම තහනම අද (24) සිටම ක්‍රියාත්මක වේ.
මැකාඕ පරිපාලනය ජපානයේ මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය ද පළ කළේය. එය අසල්වැසි රටවල් සමග සහයෝගයකින් තොරව සහ අතිශයින්ම වගකීම් විරහිතව ගත් තීරණයක් ලෙස ඔවුන් හෙළා දැක ඇත.