514
අඩම්පන් පොලිස් වසමේ, මුල්ලිකණ්ඩල් ප්රදේශයේ දී අද (24) උදෑසන කාලයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ වෙඩි තබා ඇති අතර, සිද්ධියෙන් 46 සහ 53 යන වයස්වල පසුවන පල්ලිමඩු හා උලියන්කුලම ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
මෘත ශරීර, සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඩම්පන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.