558
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් අපවත්වේ.
උන්වහන්සේ අපවත් වන විට 73 වියේ පසුවිය.
පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමස්ත ලංකා පිරිවෙන් අධ්‍යාපන උපදේශක හිමි නමක ලෙසද කටයුතු කරනු ලැබීය.
එමෙන්ම අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලක සභික ලෙසද උන් වහන්සේ කටයුතු කර තිබේ.
1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසකද තනතුරු හෙබවීය.
විචිත්‍ර ධර්ම දේශකයානන් වහන්සේ නමක වු උන්වහන්සේ විදෙස් ධර්මදූත සේවාවන්හිද නිරත වුණි.