Thursday, May 15, 2025
Home » මගීන්ට බාධාවක් නොවන විදියට දුම්රිය ප්‍රමාදය අවම කර දුම්රිය ධාවනයට එක් කළා

මගීන්ට බාධාවක් නොවන විදියට දුම්රිය ප්‍රමාදය අවම කර දුම්රිය ධාවනයට එක් කළා

by mahesh
August 25, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි ඊයේ (24) දුම්රිය ප්‍රමාදය අවම කරමින් සියලු දුම්රියන් ධාවනයට එක් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසීය.

දුම්රිය නියාමකවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් පෙරේදා (23) පස්වරුවේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබු අතර මේ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් පෙරේදා (23)රාත්‍රියේ සිදුවූ බව කියා සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මේ වනවිට එම තත්ත්වය සමනය වී ඇතැයිද කියා සිටියේය.

මේ සිද්ධිය හේතුවෙන් මගීන් කලහකාරි ලෙස හැසුරුණු අතර දුම්රිය බලධාරීන් සහ පොලිසිය මැදිහත් වී ඒ තත්ත්වය සමනය කිරීමට පියවර ගෙන ඇත.

ආයතන ක්‍රියාපටිපාටීන්ට අනුගතව කටයුතු නොකරන සේවකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT