Tuesday, May 13, 2025
Home » මහා සඟ සමුළුව හෙට හොරණ ඔලබොඩුව රජමහා විහාරයේදී

මහා සඟ සමුළුව හෙට හොරණ ඔලබොඩුව රජමහා විහාරයේදී

by mahesh
August 25, 2023 12:56 am 0 comment

නෙත්මි පූජනී

සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වය සංවිධාන කරන මහා සඟ සමුළුව ලබන 26 දා හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඒ සඳහා සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් බස්නාහිර පළාතේ වැඩ වාසය කරන සියලුම සංඝනායක සහ උප ප්‍රධාන සංඝනායක හිමිවරුන් වැඩම කිරීමට නියමිත අතර, එම සඟ සමුළුව එදින පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන්ගේ කැමැත්ත සහ නියමය අනුව කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ආචාර්ය දිවියාගහ යසස්සි, විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බළන්ගොඩ සෝභිත, විද්‍යාලංකාර පරිවේණාධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත වැලමිටියාවේ ඤාණරතන, බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය අගලකඩ සිරිසුමන සහ බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති ඔලබොඩුවේ ධම්මික හිමිවරුන් විසින් සංවිධාන කරන මේ රැස්වීමේ මුලසුන සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ උසුලති. මෙදින පවත්වන සඟ සමුළුවේ දී ඉදිරි කාලයේ දී ඉතා ප්‍රබල ලෙස සඟ සමුළුව පවත්වාගෙන යෑමටත්, සම්බුද්ධ ශාසනයේ හා විහාරස්ථානවලත් භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය සහ චිර පැවැත්මට අදාළ වැදගත් යෝජනා කිහිපයක්ම සම්මත කර ගැනීමට සංවිධායක මණ්ඩලය බලාපොරාත්තු වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT