Home » පොලිස් අත්අඩංගුවේදී තරුණයකු මිය ගියාට ත්‍රිකුණාමලයේ විරෝධතා

පොලිස් අත්අඩංගුවේදී තරුණයකු මිය ගියාට ත්‍රිකුණාමලයේ විරෝධතා

by mahesh
August 25, 2023 12:57 am 0 comment

ත්‍රි/මලය විශේෂ-ඒ.ටි.එම්.ගුණානන්ද

පොලිස් අත්අඩංගුවේදී තරුණයකු මිය යෑමට එරෙහිව එම තරුණයා පදිංචි ත්‍රිකුණාමලය ජමාලියා හන්දියේදී පෙරේදා (23) රාත්‍රි ටයර් පුලුස්සා ප්‍රදේශවාසීහු විරෝධතාවක නි⁣යැළුනහ.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, තක්වා නගර් පදිංචි සුබෙයිර් මොහොමඩ් සුහයිබ් (26) නමැති අවිවාහක ධීවර කාර්මිකයෙකි. ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයට මුදල් සොරකමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මිය ගිය අය ඉකුත් 22 දා අත්අඩංගුවට ගෙන තිබූ අතරේදී සැකකරු පොලිස් සිර මැදිරිය තුළදී සිය ඇඳ සිටි කමිසය ගලවා ගෙල වැලලා ගනිද්දී පොලිස් නිලධාරීන් එය වැළැක්වූ අතර සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබුණි. මියගිය අයගේ ඥාතීන් පවසන්නේ මුදල් සොරකමකට ඉකුත් 22 දා සවස 06.00 පමණ පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනකු ඥාතියා මෙලෙස රැගෙන ගොස් පසුදින සවස ඔහු මිය ගොස් අැති බවට දැනුම් දුන් බවය.

ඥාතීන් පවසන්නේ මියගිය අයට පොලිසිය විසින් පහරදී ඝාතනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT