Home » දේශපාලන න්‍යාය පත්‍රය ගෙන එමෙන් ක්‍රීඩාව අභාවයට යනවා

දේශපාලන න්‍යාය පත්‍රය ගෙන එමෙන් ක්‍රීඩාව අභාවයට යනවා

by mahesh
August 25, 2023 1:00 am 0 comment

දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක කිරීමෙන් ක්‍රීඩාව අභාවයට යන බව හිටපු ක්‍රීඩා ඇමැති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

සභාව කල් තබන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කෙළේය.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

වර්තමානයට ගැළපෙන පරිදි ක්‍රීඩා පනත යාවත්කාලීන කළ යුතුයි. අත්තනෝමතිකව පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ක්‍රීඩාව භාවිතා කිරීම නිසා ක්‍රීඩාව තුළ ගැටලු ඇති වී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT