නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 3200ක් ප්‍රවාහනය කළ චීන ජාතිකයාට රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24) නියෝග කළේය.
සැකකරු බී. එම්. ඩබ්ලිව්. කාර් රථයකින් මෙම නීති විරෝධී දුම්වැටි තොගය ප්‍රවාහනය කර ඇති අතර කොල්ලුපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විශ්ව පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත අධිකරණයේ වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස ඇප මත මුදා හැරිණි. මෙලෙස ඇප මත මුදා හරින ලෙස නියෝග කෙරුණේ කොල්ලුපිටිය සන්සිටි මහල් නිවාස සංකීරණයේ පදිංචි ලින්ක් ලී නැමැති චීන ජාතිකයෙකි.
නීතිවිරෝධී විදේශීය දුම්වැටි 20 බැගින් වූ පැකට් 10කින් යුත් බණ්ඩල් 16ක් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.