Home » බීමත් රියැදු‍රකු අත්අඩංගුවට ගනිද්දී බාධා කළ අ‍යකුට ඇප

බීමත් රියැදු‍රකු අත්අඩංගුවට ගනිද්දී බාධා කළ අ‍යකුට ඇප

by mahesh
August 25, 2023 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද කරුණාදාස

බීමත්ව මෝටර් රථයක් පැදවූ රියදු‍රෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට බාධා කළේ යැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අ‍යෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් හිමාල් චන්දස කහඳවල මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ උඩුවිරිය තිත්තරමුල්ල පදිංචි ආර්. එම්. බී. රුමිෂ් ශ්‍යාමල් නමැත්තෙකි. නීතිඥවරියකගේ සැමියා වන සැකකරු, බීමත්ව මෝටර් රථයක් පැදවූ රියැදු‍රෙකු ගල්ගමුව නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාර පා බීමත් රියැදුරා පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි. මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 27 වන දින යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් ගල්ගමුව පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක ලයනල් විමලසේන මහතා සමඟ සැරයන් (17320) මයුර මහතා අධිකරණයට කරුණු දැක්වූ අතර, සැකකරු වෙනුවෙන් නීතිඥ සන්ධ්‍යා එදිරිමුණි මහත්මිය සහ නීතිඥ කාංචනා හතුරුසිංහ මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT