Tuesday, May 13, 2025
Home » නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ අපවත් වෙති

නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ අපවත් වෙති

by mahesh
August 25, 2023 12:54 am 0 comment

කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර

මිනුවන්ගොඩ පත්තඬුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ ඊයේ (24) අලුයම අපවත් වී වදාළහ.

අපවත් වන විට 73 වියේ පසු වූ අනුනාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි පදවියද හෙබවූහ. 1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසක තනතුරු දරා ඇත. විවිත්‍රධර්ම කථිකයකු වන උන් වහන්සේ විදේශ ධර්මදූත සේවාවන්හි නිරත වෙමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කරමින් රාමඤ්ඤ මහා නිකාය බැබළවීමට ක්‍රියා කළ තෙරනමකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT