487
2023.08.18 දින සිට 2023.08.27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා 2023.08.28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගැයීම් කටයුතු වලට සහභාගි වූ බවට, තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන් ඉදිරිපත් කළ යුතුය