Home » පාර්ලිමේන්තුවේ නිලධාරීන් ඉලක්ක කරන පදනම් විරහිත කතා මේ සභාවේ ගරුත්වයට සුදුසු නෑ

පාර්ලිමේන්තුවේ නිලධාරීන් ඉලක්ක කරන පදනම් විරහිත කතා මේ සභාවේ ගරුත්වයට සුදුසු නෑ

by mahesh
August 25, 2023 1:00 am 0 comment

පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සභාවේ වැඩකටයුතු කර ගෙන යෑමේදී සහ ඇතැම් අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැළපෙන හා සුදුසු නොවන බව සියලු දෙනාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

තවදුරටත් නියෝජ්‍ය කථානායකවරයා මෙසේද පැවසීය.

සභාවේ වැඩකටයුතු පවත්වා‍ගෙන යෑමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කථානායකතුමාට, මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බව ද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කෙළේය. එබැවින් එලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව දැනුම් දෙන බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කෙළේය.

එමෙන්ම නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කථානායකතුමා වෙත යොමු කරන ලෙසද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT