සාමාන්‍ය පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ දෛනික දීමනාව ලෙස රුපියල් දෙදහසක් ලබා දෙන ලෙස බල කරමින් නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ පිහිටුවා ඇති සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයේ පරීක්ෂකවරුන් (24) දහවල් කෑම පැයේ කොළඹ නුවර මාර්ගයට පැමිණ විරෝධතාවයක යෙදුනාහ.
මෙම මධ්‍යස්ථානයේ සේවයේ නිරත උත්තරපත්‍ර පරීක්ෂකවරු 300ක් පමණ දෙනා මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.
උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරයකුට රුපියල් 2000.00ක දෛනික දීමනාවක් ලබා දුන් බවත් සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂණ සඳහා ලබා දෙන දීමනාව රුපියල් 1450.00කට සීමා කර ඇති බව මෙම පිරිස මෙහිදී චෝදනා කළහ.
ඇගයීම් සහකාර පරීක්ෂක දයාල් පතිරණ මහතා මෙහිදී සඳහන් කළේ තමන්ට උත්තර පත්‍ර පරීක්ෂණය සඳහා පත්වීම් ලිපියක් ලබා නොදුන් බවයි. මධ්‍යස්ථානයට පැමිණි පසු ලිපියක් ලද බවත් එහි ගෙවීම් සම්බන්ධයෙන් සටහනක් නැති බව ද ඔහු කීය. සාමාන්‍ය පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂණයේදී තමන්ට ගෙවන්නේ දිනකට රුපියල් 1450.00ක් බව පසුව අනාවරණය වූ බව කී ඔහු එසේ වුවත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට රුපියල් 2000ක දීමනාවක් ගෙවා ඇති බව සඳහන් කළේය.
මෙසේ දීමනාව අඩු කළ ක්‍රමවේදය කුමක්දැයි ප්‍රශ්න කළ ඔහු තමන්ගේ ගමන් වියදම් හා පෙට්‍රල් ලබා ගැනීමේ දී සාමාන්‍ය පෙළ විභාගයට යන බව කියා අඩුවෙන් අය කරන්නේ නැති බව ද සඳහන් කළේය. මේ තත්ත්වය හමුවේ තම පරීක්ෂකවරුන්ගේ
දෛනික දීමනාව සඳහා ද රුපියල් 2000.00ක දෛනික දීමනාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද දයාල් පතිරණ මහතා මෙහිදී සඳහන් කළේය.
බලධාරීන් මේ සඳහා අවධානය යොමු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ඔවුන් ප්‍රකාශ කළහ.