Monday, May 5, 2025
Home » ජලභීතිකා මර්දනයට දඩාවතේ යන සුනඛ ගැහැනු සතුන් වන්ධ්‍යකරණයට

ජලභීතිකා මර්දනයට දඩාවතේ යන සුනඛ ගැහැනු සතුන් වන්ධ්‍යකරණයට

by gayan
August 31, 2023 1:00 am 0 comment

ජලභීතිකා රෝගය මර්දනය කිරීම උදෙසා සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහනක් පෙරේදා (29) දවස පුරා සූරියපාලුව සතිපොළ භූමියේ දී සිදු කරනු ලැබීය.

එදින දඩාවතේ යන සුනඛයින්ගේ ගැහැනු සතුන් එකසිය හැටපස්දෙනෙකු අල්ලාගෙන විත් එසේ වඳ සැත්කම් සිදු කරනු ලැබීය.

පශු වෛද්‍ය එච්. ජී. සී. එන්. කුමාරසිංහ මහතා ප්‍රමුඛ පශු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සැත්කම් සිදු කිරීම කරනු ලැබූහ. ගම්පහ දිස්ත්‍රික් ජලභීතිකා මර්දන ඒකකයේ කාර්යභාර නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් කුමාර මහතා කරුණු දක්වමින් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ දඩාවතේ යන සුනඛයින්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යමින් පවතින හෙයින් ජලභීතිකා රෝගය මර්දනය කිරීම උදෙසා සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහන ආරම්භ කර ඇති බවත් මෙය ගම්පහ දිස්ත්‍රික්කය පුරාම සිදු කර ගෙන යන බවත් කියා සිටියේය.

මෙම වැඩසටහන රටපුරාම කර ගෙන යන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගේ උපදෙස් පරිදි එහි ජලභීතිකා මර්දන ඒකකයේ කාර්යභාර නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් කුමාර හා මහර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කීර්ති දිසානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සූරියපාලුව මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. ජී. ඇම්. එච්. ධර්මසූරිය මහතා විසින් සැත්කම් වැඩසටහන සංවිධානය කොට තිබුණි.

වේයන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT