මෙම වසර වන විට අප රටේ පලතුරු හා එළවළු ආශ්‍රිත පසු අස්වනු නාස්තිය සියයට 50කින් අවම කර ගැනීමට හැකි වී ඇතැයි පසු අස්වනු තාක්ෂණික ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා කර ඇත.
මෙම වසරේ අයවැය මගින් වෙන් කරන ලද මුදල් ඉදිරි මාස දෙක තුළ වියදම් කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (31) පවත්වනු ලැබීය.
එහිදී පසු අස්වනු නාස්තිය අවම කර ගැනීම පිළිබඳ ප්‍රගති වාර්තාවක් පසු අස්වනු තාක්ෂණික ආයතනය විසින් ඉදිරිපත් කර තිබිනි.
2018 වර්ෂය තුළ මෙරට එළවළු හා පලතුරු ප්‍රවාහනයේ දී හා භාවිතයේ දී සියයට 40 ඉක්මවන ලද විශාල පසු අස්වනු නාස්තියක් සිදුවන බව වාර්තා විය. නමුත් මෙම වර්ෂය වනවිට එම නාස්තිය ඇතැම් එළවලු හා පලතුරුවලින් සියයට 50කින් පමණ අඩු කර ගැනීමට හැකිවි තිබේ.
එයට ප්‍රධාන හේතුව නම් එළවළු හා පලතුරු අස්වනු නෙලීමේ දී තාක්ෂණික උපක්‍රම යොදා ගැනීම මෙන්ම ඒවා ප්‍රවාහණයේ දී ආරක්ෂිත ඇසුරුම් භාවිතා කිරීමට ගොවීන් පෙළඹීමයි. මේ සඳහා මෙවර අයවැයෙන් රජය ලබා දී ඇති මුදල රුපියල් මිලියන 45කි.
අප රටේ වාර්ෂික එළවළු හා පලතුරු පසු අස්වනු නාස්තිය මෙට්‍රික් ටොන් 270,000ක් බව අනාවරණය වී ඇති අතර වාර්ෂිකව සිදුවන නාස්තියේ වටිනාකම රුපියල් බිලියන 20ක් පමණ වේ.
නමුත් මෙම වර්ෂය තුළ පසු අස්වනු නාස්තිය සියයට 50කින් අවම වී තිබේ. ඒ අනුව පලතුරු හා එළවළු ආශ්‍රිත පසු අස්වනු නාස්තිය පහත පරිදි වේ.
ආහාර භෝගය 2018 නාස්තිය 2023 නාස්තිය
බෝංචි > 40 24
බණ්ඩක්කා > 40 28
වම්බටු 30 20
කැරට් 30-40 26
තෝල 30-40 32
මෑකරල් 40 20
පිපිඤ්ඤා 40 20
අමුමිරිස් 40 20
තක්කාලි 40 16
කෙසෙල් 30-35 26
පේර 30-40 20
අඹ 41 06-15
පැපොල් 46 20
අලිගැටපේර 40 20-25
පසු අස්වනු නාස්තිය තවදුරටත් අවම කර ගැනීම සදහා ගොවීන්ට එළවළු හා පලතුරු ප්‍රවාහණයට අවශ්‍ය වන ප්ලාස්ටික් කූඩා ලබා දීමේ වැඩ පිළිවෙළ පුළුල් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධව භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ද තීරණය කරනු ලැබීය.