තියුණු ආයුධ සමඟ යම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (30) ඊච්චන්කුලම් පොලිස් වසමේ සුන්තරපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊච්චන්කුලම් පොලිස් වසමේ සුන්තරපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් කර ඇත. එහි දී සාස්තිරිකුලාන්කුලම්, වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයකු නීති විරෝධී තහනම් කඩු දෙකක් හා ගජේන්ද්‍ර කඩු ලෙසින් හඳුන්වන ඉතා තියුණු ආයුධයක් ද සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතුවලට ඊච්චන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය පුලියන්කුලම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ජී.එස්.ඩී.සී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීම සිදු කර තිබේ.