Home » දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට වාර්තාගත පා ගමනක්

දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට වාර්තාගත පා ගමනක්

by mahesh
September 1, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

‘ක්‍රීඩාවෙන් සුවපත් මනසක් – නීරෝගි සිරුරක්’ යන සංකල්පය මූලික කර ගනිමින් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා දින 12කදී පා ගමනින් ගොස් වාර්තාවක් තැබීමට 58 වියැති දෙදරු පියකු ආරම්භ කළ පා ගමන ඊයේ (31) තුන් වන දිනටත් ක්‍රියාත්මක විය.

රඹුක්කන, දියසුන්නත ප්‍රදේශයේ පදිංචි 58 වියැති එස්. පී. වික්‍රමසිංහ මෙසේ පා ගමනේ යෙදෙන අතර, රඹුක්කන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය මෙය සංවිධාන කර ඇත. ඉකුත් 29 වැනිදා දෙවුන්දර තුඩුවෙන් ආරම්භ කර ගාල්ල දක්වා ගමන් කර, පෙරේදා (30) ගාල්ලේ සිට අලුත්ගම දක්වාත්, ඊයේ (31) අලුත්ගම සිට දෙහිවල දක්වාත් ගමන් කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT