Home » මහනුවර ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ පෙරහරින්…

මහනුවර ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ පෙරහරින්…

by mahesh
September 1, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ, කටුගස්තොට සමූහ එස්.ජී. විජේරත්න

මහනුවර ඇසළ පෙරහරේ දිය කැපුම් මංගල්‍ය ඊයේ (31) අලුයම ගැටඹේ දිය කපනා තොටේදී පෞරාණික චාරිත්‍රානුකූලව සිදු කරනු ලැබීය. අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවදීමෙන් පසු සිවු මහා දේවාල පෙරහර ගැටඹේ දිය කපනා තොට වෙත ගොස් දිය කැපුම් මංගල්‍ය සිදු කරන අතර, පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් සතර මහා දේවාලවල සිටුවනු ලැබූ කප රැගෙන ගොස් මහවැලි ගඟේ පා කර හැරීම මෙහිදී සිදු කෙරෙයි. අනතුරව සිවු මහා දේවාල කපු මහත්වරුන් ඇතුළු රාජකාරිකරුවන් බෝට්ටුවකින් ගඟ මැදට ගොස් දිය කැපීමේ චාරිත්‍රය සිදු කර කෙණ්ඩියකට ගන්නා ජලය ලබන වසරේ පෙරහර මංගල්‍ය අවසන් වන තෙක් දේවාලවල තැන්පත් කර තැබීම අතීතයේ සිට පැවත එන චාරිත්‍රයකි. දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන අවස්ථාවේ එය දැක බලා ගැනීමට අතිවිශාල ජනකායක් පැමිණි අතර, දියේ පා කර හරින කප ගොවිබිම්වල සිටුවීමෙන් සරු අස්වැන්නක් ගත හැකි බවට ජනතාව තුළ විශ්වාසයක් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT