Home » නාගරික උද්ධමනය අඩු වෙයි

නාගරික උද්ධමනය අඩු වෙයි

ආහාර උද්ධමනයත් බසී

by mahesh
September 1, 2023 12:55 am 0 comment

ජයසිරි මුණසිංහ

මේ වසරේ ජූලි මාසයේ සියයට හයයි දශම තුනක්ව (6.3%) පැවති කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට හතරයි දශම බින්දුව දක්වා අඩුව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (31) නිවේදනය කළේය.

මේ සඳහා අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ඍණ සියයට හතරයි දශම අට දක්වා දක්වා පහත වැටී ඇත. එය ජූලි මාසයේ වාර්තා වූයේ ඍණ එකයි දශම හතරක් ලෙසය.අගෝස්තු මාසයේ හාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට අටයි දශම හත දක්වා පහත වැටී ඇත. එය පෙර මාසයේ පැවතියේ සියයට දහයයි දශම පහක් ලෙස බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT