Home » ගලෙන්බිඳුණුවැ­‍වෙන් මළ සිරුරු 3ක් හමු වෙයි

ගලෙන්බිඳුණුවැ­‍වෙන් මළ සිරුරු 3ක් හමු වෙයි

by mahesh
September 1, 2023 12:55 am 0 comment

අනුරාධපුර සංචාරක - සශිනි මධුෂානි

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ ඇතුළු පුද්ගලයන් තිදෙනකුගේ මළ සිරුරු තුනක් ඊයේ (31දා) සොයාගත් බව පොලිසිය පවසයි.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ කටු මැටිවලින් තැනූ ආවාසයක ඇඳක් මත තිබී හිමිනමකගේ සිරුරක් හමුව තිබෙන අතර, ගලෙන්බිඳුණුවැව නගරය ආසන්නයේ වෙල්යායක ගසක එල්ලෙමින් තිබූ තරුණ මළ සිරුරක් සහ ගලෙන්බිඳුණුවැව කොකාවැව ප්‍රදේශයේ වගා ළිඳක පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් මෙලෙස සොයා ගත් බව කොකාවැව සහ ගලෙන්බිඳුණුවැව පොලිසිය සඳහන් කරයි.

ගලෙන්බිඳුණුවැව නගර ආසනයේ කුඹුරුයායක ගසක එල්ලෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුව ගලෙන්බිඳුණුවැව පොලිසිය සොයා ගත් පුද්ගල මළ සිරුර ගලෙන්බිඳුණුවැව, හුරුළු නිකවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය කර ගත් බවට පොලිසිය පවසයි.මෙම මරණකරු මීට දින හතරකට පෙර වයස අවුරුදු 7ක දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට පොලිසිය සොයමින් සිටි අයකු බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ පන්සලක වගා ඉඩමක ආවාසගෙයක තිබියදී 34 හැවිරිදි හිමිනකගේ මෟත දේහයක් සොයාගත් බවත්, එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී දේහය අසල තිබී වස බෝතල් දෙකක් සොයාගත් බවද පොලිසිය කියයි.

තවද ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොකාවැව පොලිස් වසමේ අංක 166 ග්‍රාම නිලධාරි වසමේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයකු ඔහුගේ නිවස ආසන්නයේ පිහිටා ඇති වගා බිමෙහි, වගා ළිඳකට වැටී සිටියදී ඊයේ (31) සොයාගත් බව කොකාවැව පොලිසිය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ සිදු කර මරණවලට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට නියමිතව තිබුණි. මෙම මරණ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව හා කොකාවැව පොලිසිවල නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT