Home » කිඹුල්විලවත්ත මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලේ කුලුනු පිපිරී පන්ති කාමර ඉවතට

කිඹුල්විලවත්ත මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලේ කුලුනු පිපිරී පන්ති කාමර ඉවතට

by mahesh
September 1, 2023 1:00 am 0 comment

කිරිඳිවැල සමූහ - ජී. එස්. තැලිගම

දොම්පෙ අධ්‍යාපන කෙට්ඨාසයේ දොම්පෙ කිඹුල්විලවත්ත මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලේ කුලුනු පිපිරී යාමට පටන් ගෙන ඇති අතර, බිත්ති ද පිපිරීමට පටන්ගෙන ඇති බැවින් ගම්පහ ඉන්ජිනේරු අංශය විසින් ගොඩනැඟිල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ගොඩනැඟිල්ලේ සියලුම පන්ති කාමර ද කාර්යාලය ද ඉන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත. සිසු දරු දැරියන් 500කට අධික සංඛ්‍යාවක් මෙහි අධ්‍යාපනය ලබන අතර, මෙම ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන ලද පන්ති කාමර 04 සහ කාර්යාලය ඉවත් කර ගෙන ඇති අතර, ගෘහ විද්‍යාගාරය, ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය පන්ති පවත්වාගෙන යාමට උපයෝගී කර ගෙන ඇති අතර, කාර්යාලය පුස්තකාලයට ගෙන ගොස් ඇත. දෙමවුපියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් සාදා දී ඇති ගොඩනැඟිල්ල තුළ අනෙකුත් පන්ති පවත්වාගෙන යාම සිදු කරයි. 1994 වසරේ සිසු අයිතියට පත්ව ඇති මෙම දෙමහල් ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා සඳහා මිලියන 17ක් ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල ලබා ගැනීම සඳහා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය අවශ්‍ය සැලසුම් සකස් කර බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව අධ්‍යාපන කාර්යාලයෙන් දැනගැනීමට ලැබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT