Home » කළුතර තරුණ තරුණියන්ට ජල ආපදා අනතුරු වළකාගැනීමේ වැඩසටහන්

කළුතර තරුණ තරුණියන්ට ජල ආපදා අනතුරු වළකාගැනීමේ වැඩසටහන්

by mahesh
September 1, 2023 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමය කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 200 දෙනකු වෙනුවෙන් ජල ආපදාවලදී සිදු වන අනතුරුවලින් බේරා ගැනීම හා ක්‍රියා කළ යුතු ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අලුත්ගම, කළුවාමෝදර වෙරළ තීරයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමය සර්වෝදය සමඟ එක්ව බෙන්තොට සිවෝස් ජල ක්‍රීඩා සමාජයේ සහයෝගය ඇතිව කළුතර දිස්ත්‍රික්කයේ ජල ආපදාවලට බහුලව පීඩාවට පත්වෙන ප්‍රදේශයන්හි තරුණ තරුණියන් උදෙසා ජල ආපදාවලින් සිදු වන හානිවලින් මුදාගැනීම හා ඒ හා සම්බන්ධ ප්‍රථමාධාර වැඩසටහනක් අලුත්ගම කළුවාමෝදර මුහුදු වෙරළ තීරය ආශ්‍රිතව පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහා බේරුවල, දොඩංගොඩ, මතුගම, කළුතර, වලල්ලාවිට, හොරණ, ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තරුණ පිරිස් මේ සඳහා ඉදිරිපත්ව තිබේ.

මොරගල සංචාරක පොලිසිය මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීහු මේ සඳහා එක්ව එම තරුණ පිරිස වෙනුවෙන් උපදේශන කටයුතු සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT