Saturday, May 3, 2025
Home »  ‘කෝච්චියේ හිටගෙන කවි’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වේ
ගාල්ල දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාවේදී නදීෂ් දිල්ශාන් දිසානායකගේ

 ‘කෝච්චියේ හිටගෙන කවි’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වේ

by mahesh
September 1, 2023 1:00 am 0 comment

දකුණු පළාත් සංචාරක - එස්. දීයගහගේ

වෙනදා මගීන්ගෙන් පිරී තිබෙන ගාල්ල දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාව පෝය දින (30) සවස මහාචාර්යවරුන්ගෙන්, කලාකරුවන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගෙන් පිරී ගියේය. වේදිකාවේ කොටසක පැරණි දුම්රිය මැදිරියක අසුන් ද පනවා තිබිණ. මෙයට අමතරව වේදිකාවේදී අපූරු සංස්කෘතික අංග ද දැකගත හැකි විය.

දුම්රිය වේදිකාව මෙසේ සකස් වී තිබුණේ වසර ගණනාවක් තිස්සේ දුම්රියේ ගමන් කරන තෙල්වත්ත ගොඩගම පදිංචි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන නිලධාරියෙක් වූ නදීෂ් දිල්ශාන් දිසානායක කවියාගේ “කෝච්චියේ හිටගෙන කවි” නමැති කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය සඳහාය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වනු ලැබූ රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේව මයිකල් ද සිල්වා මහතා පැවසුවේ මෙය සියලු දෙනාට නැවුම් අත්දැකීමක් බවය.

මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. එස්. ගුණසිංහ, දකුණු පළාත් පුරාවිද්‍යා කොමසාරිස් වසන්තා අලහ‍කෝන්, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් සුසිමා කාරියවසම්, ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කපිල මෙන්ඩිස්, දුම්රිය ආරක්ෂක සේවාවේ සී. අයි. කොඩිතුවක්කු, ගාල්ල දිස්ත්‍රික් පුවත්පත් අලෙවි නියෝජිත චන්දන මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නදීෂ් දිල්ශාන් දිසානායක මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදක නිලධාරියෙකි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ “කෝච්චියේ හිටගෙන කවි” පිටපත මහාචාර්ය දේව මයිකල් ද සිල්වා මහතාට පිළිගැන්වූ අවස්ථාවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT