කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායක සංගමය විසින් සංවිධාන කරන 17 වැනි සහිරා සුපර් 16 සත් සාමාජික පාපන්දු තරගාවලිය ලබන මස 9 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
දිවයිනේ පාපන්දු ක්‍රීඩාවේ නියුතු ප්‍රධාන පෙළේ පාසල් කණ්ඩායම් 16ක් එක් වන මේ තරගාවලියේ මෙවර අනුග්‍රාහකයා ලෙස නෝලිමිට් ආයතනය කටයුතු කරයි.
මෙවර තරගාවලිය සඳහා සහිරා විදුහල සමඟ කොළඹ අල් හික්මා, කොළඹ ඇලිතියා ජාත්‍යන්තර පාසල, කොළඹ දාරුස්සලාම් විදුහල, කඳාන දි මැසනෝද්, කොළඹ ගේට්වේ, ගම්පොළ සහිරා, ඉසිපතන, යාපනය මධ්‍ය මහ විදුහල, නුගේගොඩ ලයිසියම්, මීගමුව මාරිස්ටෙලා, කොළඹ රාජකීය, කොළඹ සාන්ත තෝමස්, සාන්ත බෙනඩික්ට්, සාන්ත ජෝසප්, කොළඹ ටී.බී. ජායා සහිරා කණ්ඩායම් එක්ව සිටී. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර සහිරා විදුහලේ ආදි ශිෂ්‍ය නායක සංගමයේ www.ppzahira.com යන වෙබ් අඩවියෙන් හෝ දු.ක. අංක 0770782783 මඟින් මාධ්‍ය සම්බන්ධිකාරක මුස්නි මුනාස් මහතාගෙන් ලබාගත හැකිය.