Home » ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී මේජර් නලින්දට රන් පදක්කම්

ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී මේජර් නලින්දට රන් පදක්කම්

by chanaka
September 1, 2023 8:43 am 0 comment

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී. නලින්ද රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.

තරඟාවලිය අගෝස්තු මස 16 19 දින දක්වා ‘A-2 Arena Crawley,’ ලන්ඩන්හිදී පැවති අතර ඒ සඳහා රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

රටවල් 30 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් තරඟවැඳී අත්දැකීම් සම්භාරයක් රැස්කරගෙන ඇති මෙරට වඩාත් පළපුරුදු ජාත්‍යන්තර මට්ටමේ ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙකු වන මේජර් ආර්.බී.එන්. රත්නායක 2016 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලෝක හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

ලෝක හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ මෙවැනි කීර්තිමත් තනතුරක් සඳහා තෝරාගත් පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරියා ලෙසද මේජර් ආර්.බී.එන්. රත්නායක හමුදා ඉතිහාසයට එක්වේ.

යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය, මෙම ක්‍රීඩකයා වෙත අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT