ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය (https://eteleshop.slt.lk/), 2023 BestWeb.LK සම්මාන උලෙළේදී ‘විශිෂ්ටතම විද්‍යුත් – වාණිජ වෙබ් අඩවි’ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උලෙළ පසුගියදා Monarch Imperial හෝටලයේදී පැවැත්විණි.
මෙම සම්මානය, ඩිජිටල් අවකාශය තුළ පරිශීලක අත්දැකීම් හා නවෝත්පාදන විශිෂ්ටත්වය කරා රැගෙන යාමට වෙබ් අඩවිය සතු කැපවීම ඉස්මතු කරයි. එමෙන්ම ස්වාධීන වෙබ් අඩවියක් බවට පත්වීමෙන් අනතුරුව වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ SLT-MOBITEL eTeleshop අත්කරගෙන ඇති සාර්ථකත්වයට මෙම සම්මානය සාක්ෂි දරයි.
LK Domain Registry මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන BestWeb.LK සම්මාන උලෙළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවි සම්මාන උලෙළක් ලෙස සැලකේ. දේශීය වෙබ් අඩවිවල ගුණාත්මකභාවය, යොදාගනු ලබන තාක්ෂණය, භාවිත කිරීමේ පහසුව සහ ආරක්ෂාව යනාදී අංශ වැඩි දියුණු කිරීම මෙම සම්මාන උලෙළේ මූලික අරමුණයි. වසර 13ක් සාර්ථකව පවත්වා ඇති මෙම සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ, තාක්ෂණය හා සැලසුම, අන්තර්ගතය, පරිශීලක අන්තර්ක්‍රියාකාරීත්වය, ජංගම දුරකතන භාවිතයෙන් පිවිසීමේ හැකියාව, පරිශීලකයන් කළමනාකරණය කරගැනීමේ හැකියාව ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ය. විශිෂ්ටතම වෙබ් අඩවි පමණක් ඇගැයීමට ලක්වන බව තහවුරු කරගැනීම සඳහා, විධිවිධාන උල්ලංඝනය කිරීම සහ වැරදි ක්‍රමවේද භාවිත කිරීම ආදිය වෙනුවෙන් දඬුවම් ලකුණු නියම කෙරේ.
SLT – MOBITEL eTeleshop යනු පාරිභෝගිකයන්ට ගුණාත්මක හා විශිෂ්ට පාරිභෝගික සේවාවක අත්දැකීම සමඟින් ඉතාමත් පහසුවෙන් දුරකතන සන්නිවේදන උපාංග සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන ආකාරයට සැලසුම් කළ වෙබ් අඩවියකි. මෙම ජයග්‍රහණය මඟින් පන්නරය ලබමින්, SLT – MOBITEL eTeleshop හරහා ලබාදෙන සේවා තවදුරටත් පුළුල් කිරීමට SLT – MOBITEL බලාපොරොත්තු වෙයි.