DFCC බැංකුවේ ලීසිං සේවා අංශය වන “DFCC ලීසිං” තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ නමින් නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
2023 සැප්තැම්බර් 14 දින දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙමඟින් ගනුදෙනුකරුවන්ට ලීසිං පොලී අනුපාත අඩුවනතුරු හෝ රථවාහන ආනයනය නැවත ආරම්භ වී මිල ගණන් පහළ යනතුරු බලා නොසිට ඉක්මනින් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
මෙම ලීසිං ක්‍රමයේ විශිෂ්ටත්වය වන්නේ, වසරක කාලයකට පසු අමතර ගාස්තුවකින් තොරව අඩු පොලී අනුපාතයක් වෙත මාරු වීමට හෝ පැවති වාහනය වෙනුවට වඩාත් ඉහළ වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවීමය. මෙය ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ලීසිං සේවාවක් වෙතින් මේ දක්වා ලබා දී නොමැති පහසුකමකි. මෙමඟින් ගනුදෙනුකරුවන්ට තම වාහන සිහිනය ඉක්මනින් සපුරාගන්නා අතරම, අනාගතයේදී රථවාහන වෙෙළඳ පොළ තුළ ඇති විය හැකි වාසිදායක තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි වේ.
“අපගේ ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින්, ඔවුන්ට ඉහළම නම්‍යශීලී සේවාවක් පිරිනැමීම අපගේ ඉලක්කයයි. මෙමඟින් අපගේ ගනුදෙනුකරුවන්ට අදම වාහන මිලදීගෙන තම පහසුව සහ දියුණුව සලසා ගන්නා අතරම, අනාගතයේදී ඇති
විය හැකි වාසිදායක තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකි වෙනවා. ඔවුන්ට අවශ්‍ය නම්, රථවාහන ආනයනය නැවත ආරම්භ වූ පසුව අමතර ගාස්තුවකින් තොරව අලුත් වාහනයක් වෙත මාරුවීමටත් පුළුවන්.”
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසීය. මෙවැනි නිර්මාණශීලී ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය තම ගනුදෙනුකරුවන්ගේ ආකල්ප හොඳින් හඳුනාගෙන ඔවුන්ට වඩාත්ම ගැළපෙන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි. තමන්ට ඇති තෝරාගැනීම් මොනවාද යන්න වටහාගෙන, එම තෝරාගැනීම් ක්‍රියාවට නැංවිය යුත්තේ කවදා යන්න තීරණය කිරීමේ නිදහස මෙමඟින් ගනුදෙනුකරුවන් වෙත හිමි වන අතර, එමඟින් ඔවුන්ට වර්තමාන වෙෙළඳෙපාළ තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම සිහින වාහනය සැබෑකර ගැනීමටත්, ඒ ඔස්සේ තම පෞද්ගලික හා ව්‍යාපාරික දියුණුව සාක්ෂාත් කර ගැනීමටත් හැකියාව ලැබේ.