Home » ඉක්වදෝරයේ බන්ධනාගාර නියාමකයෝ 50ක් ප්‍රාණ ඇපයේ

ඉක්වදෝරයේ බන්ධනාගාර නියාමකයෝ 50ක් ප්‍රාණ ඇපයේ

ප්‍රචණ්ඩ ක්‍රියා මැද බෝම්බ දෙකක් පුපුරයි

by gayan
September 2, 2023 1:00 am 0 comment

ඉක්වදෝරයේ බන්ධනාගාර කිහිපයක නියාමකවරුන් 50 කට වැඩි පිරිසක් සහ පොලිස් නිලධාරීන් හත් දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි වාර්තා වේ. එරට බන්ධනාගාර අධිකාරිය ඉලක්ක කර ගනිමින් ක්විටෝ අගනුවර ද කාර් බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇති අතර, බෝම්බ ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.

ඉක්වදෝරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජුවාන් සපාටා ප්‍රකාශ කර ඇත්තේ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බවය. ක්විටෝ නුවර බන්ධනාගාර අධිකාරිය මීට පෙර භාවිත කළ ගොඩනැඟිල්ලකට බෝම්බයක් එල්ල වී ඇති අතර, දෙවැනි බෝම්බය පුපුරා ගොස් ඇත්තේ එහි මූලස්ථානය ඉලක්ක කරමින් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පුපුරන ද්‍රව්‍ය සවිකර තිබූ වාහනයක් යොදා ගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT