Sunday, May 11, 2025
Home » බ්‍රිතාන්‍ය වෛද්‍යවරු ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශයක් බද්ධ කරති

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශයක් බද්ධ කරති

සැත්කමට පැය 9කට වඩා ගත වෙලා

by gayan
September 2, 2023 1:00 am 0 comment

ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශ බද්ධ කිරීමේ සැත්කමක් බ්‍රිතානයේ දී සාර්ථකව සිදු කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. මේ ගර්භාශ බද්ධ කිරීම පසුගියදා ඔක්ස්ෆර්ඩ් රෝහලකදී සිදුකර ඇති අතර, ඒ සඳහා පැය 9කට වැඩි කාලයක් ගත වී ඇතැයි ද වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් නුවර චර්චිල් නමැති රෝහලේදී මේ ඓතිහාසික සැත්කම සිදු කර ඇත්තේ 34 හැවිරිදි කාන්තාවකටය. ඇගේ සොහොයුරියක විසින් සිය ගර්භාශය පරිත්‍යාග කර ඇති අතර, ඇගේ ගර්භාශය ඉවත් කරගැනීමට පැය අටකට වඩා ගත වී ඇතැයි ද වාර්තා වේ.

මෙය විස්මිත සැත්කමක් බවත්, එය සිය වෛද්‍ය ජීවිතයේ වඩාත්ම ආතතියට ලක් වූ සිදුවීම බවත් සැත්කමට නායකත්වය දුන් ප්‍රධාන ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රිචඩ් ස්මිත් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ගර්භාශය පරිත්‍යාග කළ 40 හැවිරිදි කාන්තාව දරු දෙදෙනකුගේ මවක් වන අතර, සැත්කමට එක්වූ තවත් ශල්‍ය වෛද්‍යවරියක වූ ඉසබෙල් ක්විරෝගෝ ප්‍රකාශ කර ඇත්තේ ගර්භාශය හොඳින් ක්‍රියා කරන බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT