Saturday, May 10, 2025
Home » සෙඕලා සුළි කුණාටුව හොංකොං දේශයට කඩා වදී

සෙඕලා සුළි කුණාටුව හොංකොං දේශයට කඩා වදී

දශක ගණනාවකට පසු දරුණුතම සුළි කුණාටුව බවට අනාවැකි

by gayan
September 2, 2023 1:00 am 0 comment

හොංකොං දේශයට ඊයේ පස්වරුවේදී කඩා වදිනු ඇතැයි අනුමාන කර ඇති සෙඕලා සුළි කුණාටුව දශක ගණනාවකට පසු එරටට කඩා වදින දරුණුතම සුළි කුණාටුව වනු ඇතැයි එරට කාලගුණ විද්‍යා ඒකකය අනාවැකි පළ කර ඇතැයි වාර්තා වේ. පැයට කිලෝමීටර් 220කට අධික වේගයකින් ගොඩබිමට පැමිණෙනු ඇතැයි කියන සෙඕලා සුළි කුණාටුව හොංකොං දේශයට පමණක් නොව දකුණු චීනයේ ගුවැංඩොං වෙරළ තීරය ද මුළුමනින්ම විනාශ කිරීමට ඇති ඉඩකඩ වැඩි බව ද වාර්තා වේ.

හොංකොං කාලගුණ විද්‍යා ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් නිවේදනය කර ඇත්තේ නිවාසවලින් බැහැරව නොයන ලෙසය. එමෙන්ම නිරාවරණය වන දොරවල් සහ ජනෙල්වලින් ඈත්ව සිටින ලෙසත්, ආරක්ෂිත නවාතැන් සොයා ගන්නා ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එරට පහත් බිම්වල, වෙරළබඩ ප්‍රදේශවල බරපතළ ගංවතුර ඇතිවීමේ අවදානමක් ඇති බැවින් වෙරළ තීරයෙන් බැහැරව සිටින ලෙස බලධාරින් මහජනතාවට අවවාද කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT