Home » මාලිගාවත්තේ යතුරුපැදි සර්විස්එකට ඇරපු දවසේම වෙඩි තබති

මාලිගාවත්තේ යතුරුපැදි සර්විස්එකට ඇරපු දවසේම වෙඩි තබති

අයෙක් රෝහලේ

by gayan
September 2, 2023 1:00 am 0 comment

හිමිකරුට පතාල සබඳකම්

මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට යතුරුපැදි පිරිසිදු කිරීමේ ස්ථානයක් ඉලක්ක කරගෙන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගල‍ෙයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව මාලිගාවත්ත පොලිසිය කියයි.

රෝහලට ඇතුළත් කර ඇත්තේ එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වූ වයස අවුරුදු විසි හයක් පමණ වන දිනේෂ් ප්‍රදීප් නමැත්තෙකි. ඔහු දෙමටගොඩ මිහිදු සෙන්පුර පදිංචිකරුවෙකි. එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු විසින් යතුරුපැදි පිරිසුදු කිරීමේ ආයතනයක් ඊයේ (1) උදේ එම ස්ථානයේ ආරම්භ කර ඇති අතර, ප්‍රථම යතුරුපැදිය එම ස්ථානයේ පිරිසිදු කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබීම පිස්තෝල ගිනි අවියකින් සිදුකර ඇතැයි පොලිසිය කියයි.තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශක‍ෙයක් පැවැසීය.

එම සහෝදරයන් දෙදෙනා මාලිගාවත්ත ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වන නෙවිල් නමැත්තාගේ සමීපතමයන් බව පොලිසිය සඳහන් කරයි.

මාලිගාවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT