469
විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණ ප්‍රධාන උත්සවය ඊයේ (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආචාර පෙළපාළියක්ද පිරිනැමීය. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු විශේෂ කාර්ය බළකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කඳවුරේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් රත්නායක මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක, මිගෙට්ටු වත්තේ සුනිල් ශාන්ත